Thursday 18th of June 2026

English Tamil
Advertiesment


හිටපු ජනපතිවරුන් ගත්තු සිඟිති ආතල් එළියට 


2024-10-04 14935

 

විශ්‍රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස මහා ජන ප්‍රදර්ශනයට 

 

විශ්‍රාමික ජනාධිපතිවරුන් හිටපු නිල නිවාස ඉදිරියේ දී මහා ජන ප්‍රදර්ශනයට ලක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

එසේ කරන්නේ පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී, මේ රටේ නායකයන් කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කර තිබෙන්නේද යන්න ජනතාව දැන ගත යුතු නිසා බව ද කේ ඩී ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි. 

ඉදිරියේදී මෙම නිල නිවාස ප්‍රදර්ශනය කරාවි යැයි බියෙන් ඇතැම් හිටපු නායකයින් සිය නිල නිවාසවල බඩු භාණ්ඩ වෙනත් ස්ථානවලට ගෙන යන්නට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා වන බවද ලාල් කාන්ත මහතා කියා සිටියි. 

"මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයටද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැන ගත යුතුයි. ඒ වෙනුවෙන් අප මෙම අති සුඛෝපභෝගී නිල නිවාස මහා ජන ප්‍රදර්ශනයට ලක් කරනවා. ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මේ ක්‍රියාදාමය ගැටලුවක් විය හැකියි.

ජනතාව දූෂණයට සහ වංචාවට විරුද්ධයි වගේම එසේ දූෂණ සහ වංචා කළ අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ සිටිනවා. ජනතාවගේ සල්ලිවලින් සිඟිති ආතල් ගත්ත අයට මේ ක්‍රියා මාර්ග ඇහේ කටු අනිනවා වගේ විය හැකියි." යනුවෙන් ද ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment